ඇමරිකාව අපට පහර දුන්නොත් පෙරලා පහර දෙන්නේ කෙසේදැයි කියාත් සැබෑ යුද්ධය කුමක්දි කියාක් අපි ඔවුනට උගන්වනවාරැ යයි ඉරාන ආරක්ෂක අමාත්‍ය අහමඞ් චාහිද් කියා සිටී. ඔහු එසේ පවසා සිටියේ පනස්දහසක් පමණ වූ ඉරාන විප්ලවීය හමුදා සාමාජිකයන් පිරිසක් අමතමිනි.
අපි ඇමරිකාවට නොබියව අහනවා, ඉස්ලිමීය ජනරජයට එරෙහිව නුඹලාට කොතරම් කාලයක් සටන් කල හැකිද? කොතරම් ඇමරිකානු යුධ නැවු ප්‍රමාණයක් මුහුදේ ගිලී යනවා දැකගන්න කැමතිද? කියාරැ යයිද හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.
ඇමරිකාව, ඉරාකය හෝ ඇෆ්ගනිස්තානය ලෙස අප ගැන සිතිය යුතු නෑ. ඉරාකය පසුබැස්සා. ඇෆ්ගනිස්තානයේ සටන් කරන්න මිනිසුන් සිටියේ නෑ.රැ යයිද හෙතෙම කියා ඇත.
එසේම ඔහු දැඩි ස්වරයෙන් කියා ඇත්තේ 1945 දෙවැනි ලෝක යුද්ධය අවසන් වූ පසු ඇමරිකාව ලෝකය පුරා යුධ මෙහෙයම් මධ්‍යස්ථාන 100ක් පමණ මෙහෙයවා තිබෙනවා. නමුත් ඔවුන් පූර්ණ යුද්ධයක නියැලූනේ නෑ. එනිසාම සැබෑ යුද්ධයක අත්දැකීම් ඔවුන්ට නැහැ. ඉරාන ජනතාව අවි දරා සිටින්නේ වමුබිමට තිබෙන සැබෑ භක්ති ආදරයෙන්. එනිසා සැබෑ යුද්ධය කුමක්දැයි ඔවුන්ම ඉගෙනගන්නට හොඳ අවස්ථාවක් අප ලබා දෙනවා. ලෝකය හොඳින් දුටුවා වියට්නාමයේදී ඇමරිකාවට සුදුවූයේ කුමක්ද කියාරැ යනුවෙනි.
සියොන්වාදී ඊශ්‍රායලයෙන් ඉරානයට එල්ලවන තර්ජනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමතිවරයා පවසා ඇත්තේ ,ඉරානයට තර්ජනය කරන්නට ඊශ්‍රායලය සැරසුනහොත් බසාජි සොල්දාදුවෝ ඔවුන්ට නිවැරදි පිළිතුරු සපයාවි. ඔවුන් වසර ගණනක් තිස්සේ වෙනත් ජාතීන්ට කල තාඩන පීඩනවලට කදිම පිළිතුරු ලැබේවිරැ යනුවෙනි.
සියොන්වාදීන් ගාසා තීරයේදී අහිංසක වැසියන් මරා දැමීමට වන්දි වශයෙන් කිසිවක් කලේ නෑ. නමුත් ඔවුන් ඉරානයට කරන තර්ජනය එවැනි පසුගිය කෲරකම්වලට පවා වන්දිගෙවන අත්දැකීමක් වේවි.රැ යයිද ඔහු අවධාරණය කරයි.
ඔවුන් අපට තර්ජනය කරන්නේ කුමකටද? ඔවුන් සතුව මිසයිල දසදහස් ගණනින් තිබෙනවාද? මේවා අපට වැදගත් නොවේ. ඊශ්‍රායලය අපට පහරදුන්නොත් බසාජි සොල්දාදුවෝ ඊශ්‍රායලයට හුස්ම ගන්නවත් ඉඩ නොදෙන බව මා ස්ථාර වශයෙන්ම පවසනවාරැ යයිද ඔහු දැඩි විශ්වාසයෙන් පවසා සිටියේය.
මධ්‍යධරණී
ප්‍රදේශයෙන් ආරම්භ වී උතුරු අප්‍රිකාව හරහා මැද පෙරදිගට ව්‍යාප්ත වී
ඉන්දියානූ අර්ධද්වීපයටත්, ඉන් අනතුරුව ආසියාතික රටවලටත් පැතිර ගිය
තැලසීමියාව, ශ්‍රී ලංකාවෙන් පවතින රෝගයක්. බෝවෙන රෝගයක් නොවන මෙය
පරම්පරාවෙන් පරම්පරාවට පැතිර යන රෝගයක්. ලංකාවේ බහූල ව පවතින බවට වාර්තා
වන්නේ වයඹ, උතුරු මැද සහ ඌව යන පළාත්වලින්.
ලොව
පූරා තැලසීමියා රෝග වාහකයන් දශ ලකෂ 150ක් පමණ ඉන්නවා. මෙම සංඛ්‍යාවට
වාර්ෂික ව රෝගීන් ලකෂයක් පමණ එකතු වෙනවා. ශ්‍රි ලංකාව පිළිබඳව විමසීමේ දී
සෑම පළාතකින් ම පාහේ තැලසීමියා රෝගීන් සිටින බවට වාර්තා වූවත් වැඩිපූර ම
වාර්තා වන්නේ ඉහත කී පළාත්වලින්.
සූදුමැලි
වීමේ රෝගය යන අරුත ඇතිව "තැලසීමියා" යනූවෙන් හැඳින්වෙන මෙම රෝගය දෙමාපියන්
ගේ රුධිරයේ තිබෙන අසාමාන්‍ය තත්ත්වයක් නිසා දරුවන්ට වැළඳෙන්නක්. මෙයට
ප්‍රධාන හේතු දෙකක් තිබෙනවා. ඉන් ප්‍රධාන හේතුවක් වන්නේ ලේ නෑයින් අතර
විවාහයයි. දෙවැන්න, තැලසීමියා තත්ත්වය තිබෙන රුධිරය ඇති දෙදෙනෙක් අතර
සිදුවන විවාහයෙන් උපදින දරුවන්ට මෙම රෝගය වැළඳීමයි.
තැලසීමියා
වර්ග දෙකක් තිබෙනවා. ඉන් පළමූවැන්න සූළු තැලසීමියාව (Thalassaemia Trait)
-යි. දෙවැන්න මහ තැලසීමියාව (Thalassaemia major)- වෙයි.
සූළු
තැලසීමියාවේ දී කිසිදු රෝග ලකෂණයක් රෝගියා ගේ සිරුරෙන් පෙන්නූම් නොකරන අතර
උපතින් ම ලේ තුළ ඇති වූ අසාමාන්‍ය තත්ත්වයක් ලෙස සැලකේ. ලේ පරිකෂා
කිරීමෙන් පමණක් මෙම රෝගින් හඳුනාගත හැකි අතර ඔවූන් ඊළඟ පරම්පරාවට රෝග දායක
කර දෙන වාහකයන් වෙයි. එසේ වන්නේ තැලසීමියා තත්ත්වය සහිත රුධිරය තිබෙන
දෙදෙනා අතර සිදුවන විවාහයෙන් උපදින දරුවන්ට තැලසීමියාව උපතින් ම තිබීමෙනි.
මහ
තැලසීමියාව, සූළු තැලසීමියාව තිබෙන දෙමව්පියන් ගෙන් පැවතෙන දරුවන්ට
හටගැනීමට ඉඩ තිබෙන අතර එම දරුවන් ගෙන් සියයට 25ක් පමණ තැලසීමියා රෝගින්
වීමට ඉඩ තිබෙනවා. තැලසීමියාව නිසා රෝගීන් ගේ රතු රුධිර ෙසෙල අකාලේ විනාශ
වීමක් සිදුවෙනවා. ඉපදී මාස 3ත් මාස 18ත් අතර කාලයක් තුළ දී රෝග ලකෂණ පහළ
වෙනවා. මේ කාලය තුළ නිසි වෛද්‍ය උපදෙස් අනූව අවශ්‍ය ප්‍රතිකාර ලබා දිය යූතු
වෙනවා. එසේ නොවූණොත් දරුවන් අකාලේ මිය යාම වැළැක්විය නොහැකියි.
සාමාන්‍යයෙන්
තැලසීමියා රෝගියකු ගේ රුධිර සෛල දින 15, දින 30 සහ දින 60 යන කාල සීමාවල
දී ක්‍රමයෙන් විනාශ වී යන බව වෛද්‍යවරු පෙන්වා දෙනවා. රතු රුධිරාණූ සෑදීමට
අවශ්‍ය යකඩ අයණ තැලසීමියා රෝගින් ගේ ශරිරය මඟින් අවශෝෂණය කර ගැනීම නිසා
ශරීරයේ යකඩ වැඩි ප්‍රමාණයක් තැන්පත් වෙනවා. මෙම යකඩ රෝගීයා ගේ හෘදය වස්තුව,
අග්න්‍යාශය, අක්මාව වැනි ඉන්ද්‍රියන්වල වැඩියෙන් තැන්පත් වෙනවා. ඒ නිසා එම
ඉන්ද්‍රියන්වල ක්‍රියාකාරිත්වය ක්‍රමයෙන් අඩූ වෙනවා. මේ නිසා අග්න්‍යාශය
දුර්වල වී දියවැඩියා රෝගය උත්සන්න වී තැලසීමියා රෝගීන් ගෙන් බොහෝ දෙනෙකු මිය යනවා.
රෝග
ලකෂණ මතුවන දරුවන් ගේ ශරීරයේ වර්ධනය සිදුවන්නේ අඩූවෙන්. අසාමාන්‍ය ලෙස
හිසේ හැඩය වෙනස් වෙනවා. අස්ථි තුනි වී ශක්තියෙන් අඩූ වීමත් ප්‍රධාන
ලකෂණයක්. මෙසේ වීම නිසා දරුවන් ගේ අත්, පා සිහින් වී ඇවිදීමට පවා
අපහසූතාවක් ඇතිවෙනවා. අස්ථිවල ශක්තිය අඩූ වීම නිසා සූළු වැටිමක දී පවා දෑඩි
ලෙස අස්ථි බිඳි යාමකට ලක්වෙනවා. අග්න්‍යාශය මහත් වීම නිසා උදරය ද අසමාන්‍ය
ලෙස මහත්වීමක් සිදුවෙනවා.
රෝගීන්
ගේ ජිවිතයේ අවදානම් තත්ත්වය දිනෙන් දින වැඩි වන බැවින් වෛද්‍ය ප්‍රතිකාර
නිසි අන්දමින් ලබා දී ප්‍රතිකාර කිරීම අත්‍යවශ්‍ය දෙයක්. තැලසීමියා රෝගය
සම්පූර්ණයෙන් සූව කිරීමට සමත් ඖෂධයක් තවමත් සොයාගෙන නැහැ. ජීවිත අවදානමක්
තිබෙන මෙම රෝගීන් ගේ ජිවිත බේරා ගැනීමට නම් සෑම මසකට වරක් ම රුධිරය ලබා දීම
අනිවාර්යයෙන් ම කළ යූතුයි. ඒ සමඟ ම මෙම රෝගීන් ගේ සිරුරේ තැන්පත් වී ඇති
වැඩිපූර යකඩ ප්‍රමාණය ඉවත් කිරීම සඳහා ඩෙස්පරා ඔක්සමීන් නම් ඖෂධ වර්ගය හා
රෝගීයාට අවශ්‍ය ප්‍රතිශක්තිකරණය ද නොඅඩූව ලබා දිය යූතුයි. නිසි ප්‍රතිකාර
නොලැබූණොත් තැලසීමියා රෝගියකු වයස අවූරුදු 20ක් පමණ වන විට මිය යාම
නොවැළැක්විය හැකියි.
මේ
රෝගය වැළැක්වීම අවබෝධයෙන් කළ යූතු දෙයක්. ඒ කියන්නේ රෝගය බහූල ව පවතින
පළාත්වලත්, වෙනත් පළාත්වලත් ලේ නෑ විවාහය සිදු නොකිරීම හා තැලසිමියා රෝගීන්
දෙදෙනකු අතර විවාහය අනිවාර්යයෙන් ම සිදු නොකිරීමෙන් පමණක් ම මේ රෝගය
වළක්වා ගත හැකියි. එමෙන්ම එසේ කිරීම මගින් මේ රෝගය රටෙන් තුරන් කිරීමට
හැකියි.
තැලසිමීයා
රෝගියකු නිරෝගී පූද්ගලයකු සමඟ විවාහ වීමෙන් පසූ ඉපදෙන දරුවන්ට මේ රෝගය
වැළඳෙන්නේ නැහැ. ඒ නිසා තැලසීමියා රෝගය බහූල ව තිබෙන පළාත්වල වැසියන්
රුධිරය පරිකෂා කර රෝගය තිබේදෑයි හඳුනා ගැනීම කළ යූතු ම දෙයක්.
තැලසීමියා
රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ දී ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් මූහූණ පාන ගැටලු
රාශියක් තිබෙනවා. ඒ ගැටලු අතර මසක් පාසා රුධිරය ලබා දීමේ දී අවශ්‍ය
ප්‍රමාණයට, අවශ්‍ය වර්ගයේ රුධිරයේ හිඟකම, රෝගීන් ගේ ශරීරයේ තැන්පත් වී ඇති
යකඩ ඉවත් කිරීමට යොදාගන්නා ඩෙස්පරා ඔක්සමින් යන ඖෂධය ලබා ගැනීමට අධික මිලක්
වැය වීම, රුධිරය ශරීරගත කිරීමේ දී එම රුධිරය විශේෂ පෙරහනක් මඟින් පෙරා
පිරිසිදු කිරීමට අවශ්‍ය ඖෂධ ප්‍රමාණවත් නොවීමත් වැනි ගැටලු රාශියක් ඇත.
රෝගීන් බේරා ගැනීමට අධික මූදලක් වාර්ෂික ව වැය වීම ශ්‍රී ලංකාව වැනි රටකට
දෑරිය නොහැකි බරක් වීම රෝගී දරුවන් ගේ අනාගතයට මහත් බාධකයක් වී ඇත. මේ නිසා
වෛද්‍යවරු ලබා දෙන උපදේශන අනූව කටයූතු කිරීම තැලසීමියා රෝගය රටෙන් තුරන්
කිරීමට ප්‍රධාන හේතුවක් වනූ ඇත.
ෆෝමියුලා මෝටර් රථ ශුරි ලෙවිස් හැමිල්ටන් 2010 වසරේ පැදවූ F1 රථය ලංකාවේ ප්‍රදර්ශනය සඳහා මේ දිනවල තබා තිබෙනවා.
බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපලේදී මෙම රථය දෙමසක කාලයක් ඔස්සේ ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.
ෆෝමියුලා රේසින් තරගාවලියක් නොපවත්වන රටක මෙවන් රථයක් ප්‍රදර්ශනය කරන පළමු අවස්ථාව මෙය වනවා.එහි ජායාරුප පහතින් බලන්න
Read more: http://www.gossip9.com/2011/11/f1.html#ixzz1fAiXP8xk
0 ප්‍රතිචාර:
Post a Comment