2009 වසරේදී මේ වනවිට 41 හැවිරිදි වියෙහි පසුවන සයිෆ් සහ 30 හැවිරිදි වියෙහි පසුවන කරීනා තමන් දෙදෙනා අතර වන පෙම් සබඳතාවය පිළිබඳව නිල වශයෙන් තහවුරු කරමින් ඉක්මනින් විවාහවීමට බලාපොරොත්තු වන බව ද සඳහන් කළේයග පසුගිය වසරේ පැවති කරීනාගේ උපන්දින උත්සවය වෙනුවෙන් සයිෆ් විසින් විශේෂ ප්‍රංශ සවාරියක් ද සංවිධානය කර තිබිණිග නමුත් වෘත්තීය වශයෙන් වඩාත් සාර්ථක කාල වකවානුවක් ගතකරමින් සිටින සයිෆ් සහ කරීනාට එම හේතුව නිසාම විවාහය දිනෙන් දිනම කල්දැමීමට සිදුවියග ඒ අතරම දෙදෙනා අතර යම් යම් අවස්ථාවලදී විවිධ මත ගැටුම් ඇතිවූ බවට ද පුවත් වාර්තා වියග විශේෂයෙන් සයිෆ්ගේ පළමු විවාහයේ දරුවන් සම්බන්ධව දෙදෙනා අතර මත ගැටුම් ඇතිවූ බවට විවිධ ආරංචි පළවියග
කෙසේවෙතත් සයිෆ් -කරීනා පෙම් පුවත නැවතත් මාධ්‍ය අතර කතාබහට ලක්වීම ආරම්භ වී ඇත්තේ දෙදෙනා ඉතාමත් ඉක්මනින් විවාහවීමට තීරණය කර ඇති බවට ආරංචි මාර්ග පළවීමත් සමගයග පළපුරුදු මෝස්තර නිර්මාණ ශිල්පියෙකු වන රිතූ කුමාර් විසින් මේ දිනවල කරීනාගේ මංගල ඇඳුම් නිර්මාණය කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයිග එමෙන්ම සයිෆ් අලි ඛාන්ද සිය විවාහ මංගල්‍යය උත්සවයේ වැඩ කටයුතු වෙනුවෙන් කාලය යොදවමින් සිටන බව ද වාර්තා වේග ඔහු මෑතකදී කරීනා වෙනුවෙන් බන්ද්‍රා ප්‍රදේශයේ ස්වර්ණාභරණ වෙළෙන්දෙකු වෙතින් දියමන්ති මුදුවක් ඇනවුම් කර ඇති බව ද බොලිවුඩ් ආරංචි මාර්ග සඳහන් කරයිග කැරට් 4 -5 ත් අතර වටිනාකමින් යුත් දියමන්ති මුදුවක් සයිෆ් මෙසේ කරීනා වෙනුවෙන් මිලට ගෙන ඇති බව ද අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයිග
සයිෆ් -කරීනා පෙම් පුවත ආරම්භ වූ දිනයේ පටන්ම සයිෆ් කරීනාට ඉතාමත් ආදරණීය පෙම්වතකු වූ ක්ෂේත්රයේ කා අතරත් ප්‍රචලිත කරුණක් බවට පත්ව තිබේග මෙම වසරේදීම මීට පෙර ඔහු බෙබෝ:කරීනා- වෙත කැරට් 01 ක වටිනාකමින් යුත් දියමන්ති මුදුවක් තිළිණ කර තිබූ අතර එම මුදුව කරීනා විසින් පැළඳගෙන සිටිනු පැපරාසි කැමරා ඇසට හසුව තිබිණිග ලබන වසරේ පෙබරවාරි මාසය පමණ වනවිට සයිෆ් හා කරීනා අතර විවාහය සිදුවනු ඇති බවට ආරංචි මාර්ග විශ්වාසය පළකර තිබේග එම හේතුව නිසා මෙම යුවල මේ දිනවල එම විවාහ උත්සවයේ කටයුතු වෙනුවෙන් සූදානම් වෙමින් සිටින බව ද සඳහන්යග මෙම තරු යුවල සෑම අවස්ථාවකදීම සිය විවාහය පිළිබඳව නිහඬ වතම පිරූ අතර කෙසේ නමුත් සහිෆ් සිය ආදරණීය පෙම්වතිය වෙනුවෙන් මංගල මුදුවක් මිලට ගැනීමත්ල රිතූ කුමාර් විසින් මනාලියගේ මංගල ඇඳුම නිර්මාණය කිරීමේ කටයුතුවල යෙදී සිටිමේ පුවතත් සමග සයිෆ් -බෙබෝ යුවලට ඉතා ඉක්මනින් මංගල සීනු හැඬවෙනු ඇති බවට ආරංචි මාර්ග විශ්වාසය පළකරයිග
2011 විශ්ව රූ රැජින කවුද ? බ්‍රසීලයේ පාවුලෝ නුවර පැවති 2011 විශ්ව රූ රැජින තරගාවලියෙන් කිරුළ හිමි කර ගැනීමට ඇන්ගෝලාව නියෝජනය කල ලෙයිලා ලොපෙස් සමත් විය. මුලින් පිලිපීනය නියෝජනය කල තරුණියට අන්තර්ජාලය හරහා වැඩිම ප්‍රතිචාර ලැබී තිබුණද ඇයට තෙවන ස්ථානයය. දෙවන ස්ථානය සදහා යුක්රේනය නියෝජනය කළ ඹලේෂා ස්ටෙෆැන්කෝද, තෙවන ස්ථානය සදහා බ්‍රසීලය නියෝජනය කල ප්‍රිස්කිලා ද, සිවුවන ස්ථානය චීනයටද ලැබී තිබුණි. ඔස්ට්‍රේලියාව හා ප්‍රංශය හොදම 10 දෙනා අතරට එක්වූ අතර ඇමරිකාව නියෝජනය කළ ඇලීෂා හොදම 16 දෙනා අතරට පැමිණීමට වරම් ලැබුවාය.පින්තූර>ශ්‍රි ලංකාව නියෝජනය කළ ස්ටෙෆනි සිරිවර්ධන

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදුනු ස්ටෙෆනි සිරිවර්ධන මෙම තරගාවලිය පුරාම අසාර්ථක වූ අතර ඇයට කිසිදු ජයග්‍රහණයක් ලබා ගැනීමට නොහැකිවිය. විශ්ව රූ රැජිණ තරගාවලිය මෙවර 60 වන වරට පැවැත්වුණු අතර එයට රටවල් 89 ක් නියෝජනය කරමින් තරගකාරියන් සහභාගී විය.




Severino Baraldi
(over 70 paintings)
Ron Embleton
(over 150 paintings)
Philip Mendoza
Wind in the Willows
Hugo Pratt
(over 20 prints)
Moebius
(over 20 prints)
Carl Barks
(signed prints)









